colombotimes.lk
සිංහල | English

07 October 2024


වැඩිම වර්ෂාපතනය කොළඹින් වාර්තා වෙයි



ගතවූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

එහි අගය දැක්වුණේ මිලිමීටර් 162.05ක් ලෙසයි.

ඒ අනුව ඊයේ (06) උදෑසන 8.30 සිට අද (07) උදෑසන 7.00 දක්වා කාලසීමාව තුළ කොළඹ දිස්ත්‍රික්කයට මිලි මීටර් 162.5ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

ඊට අමතරව වලල්ලාවිට (මිමී 112.5), හොරණ (මිමී 111.5), නෙළුව (මිමී 109) සහ උඩුගම (මිමී 94.5) යන ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක් හටගෙන තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)