colombotimes.lk
සිංහල | English

07 October 2024


ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට



ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු අද (07) තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුව මඟින් එම රක්ෂිත පැකට්ටු රජයේ ආයතන වෙත යොමු කරන බවයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 වනදා සිදු කිරීමට නියමිතයි.

එදිනට තම ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට ලබන 18 වනදා සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඒ සඳහා විශේෂ අවස්ථාවක් හිමිවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

එම මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 12 වනදා තැපෑලට භාරදීමට නියමිත අතර ලබන 17 වනදා සිට 20 වනදා දක්වා ඒවා බෙදාහැරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 26 වනදා පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)