colombotimes.lk
සිංහල | English

08 September 2024


කියුබානු තානාපතිත් අනුර හමුවෙයි



ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්දේර්ස් මාකෙලෝ ගරිඩෝ සහ අනුර කුමාර දිසානායක අතර සාකච්ඡාවක් අද (08) පවත්වා තිබෙනවා.

ඒ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදීයි.

මෙහිදී දීර්ඝ කාලයක් පුරාවට කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවත්වාගෙන ආ දේශපාලන සම්බන්ධතාවය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම වර්තමානයේ ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙනුත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව එම පක්‍ෂය ප්‍රකාශ කළා.

කියුබන් තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක ද මෙම අවස්ථාවට එක් වුණා.

(colombotimes.lk)