colombotimes.lk
සිංහල | English

08 September 2024


දයාසිරි ජනපතිවරණයට සැරසෙයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා තිබෙනවා.

එය ‘මානුෂීය ජනතා සන්ධානය’ ලෙසින් නම් කර ඇති අතර ලබන 20 වනදා සවස 2.00ට කොළඹ ලක්‍ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර මධ්‍යස්ථානයේදී එළි දැක්වීමට නියමිතයි.

සිවිල් සංවිධාන 40 කට ආසන්න සංඛ්‍යාවක් නව සන්ධානයට සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කර ඇති බව සන්ධානයේ මාධ්‍ය අංශය සඳහන් කළා.

එමෙන්ම ජාතික මැතිවරණයේ දී මානුෂීය ජනතා සන්ධානයේ නායකයා ලෙස දයාසිරි ජයසේකර ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තරග කරන බව සඳහන් වනවා.

(colombotimes.lk)