colombotimes.lk
සිංහල | English

04 May 2024

දිලිත්ගෙන්, අනුරට අභියෝගයක්



මව්බිම ජනතා පක්ෂයේ (MJP) නායක සහ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා ජාතික ජන බලවේගයේ (NPP) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට සජීවී මහජන විවාදයක් සඳහා ආරාධනා කර තිබෙනවා. 

දිලිත් ජයවීර මහතා මෙම ආරාධනය කර ඇත්තේ පසුගියදා මහනුවරදී පැවති MJP පක්ෂ සමුළුවකදීයී. 
 
එහිදී රැස්ව සිටි පිරිස අමතමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් මතු කරන ලද විවිධ මාතෘකා පිළිබඳ සාකච්ඡාවක නිරත වීමට තමන් උනන්දු වන බවයි.
(colombotimes.lk)