colombotimes.lk
සිංහල | English

28 October 2024


ඩඩ්ලිගේ සහල් මෝලට පාරිභෝගික අධිකාරියෙන් පනියි



සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ පොළොන්නරුව ඇතුමල්පිටිය අරලිය සහල් නිෂ්පාදනාගාරය අද (27) පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වී තිබෙනවා.

එහිදී එම නිෂ්පාදනාගාරයේ කලමණාකාරවරයා ඇතුළු පිරිසක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් සිදු කළා.

එහි කලමණාකාරීත්වය සඳහන් කළේ දෛනිකව සිදු කරන සහල් නිෂ්පාදනය කිසිදු ලෙසකින් අඩු නොකරන බවයි.

දෛනික සිය නිෂ්පාදනාගාරයේ කීරි සම්බා කිලෝ ලක්ෂ 2ක්ද නාඩු සහල් කිලෝ ලක්ෂ 1ක්ද නිෂ්පාදනය කරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)