වෘත්තීය සමිති 28ක විදුලි සේවකයන් අද (22) ලෙඩ නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.
ලංකා විදුලි බල මණ්ඩල කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ සඳහන් කළේ විදුලි බල මණ්ඩල සේවකයන්ගේ වරප්‍රසාද ආරක්ෂා වන අයුරින් සාමුහික ගිවිසුමක් ඉල්ලා මෙම තීරණය ගත් බවයි.
විදුලි බල මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අනිද්දා (24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)