T-56 ගිනි අවියක් සමඟ හිටපු LTTE සාමාජිකයෙක් කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ පෑලියගොඩ ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔහු සන්තකයේ තිබී T-56 ගිනි අවියක්, පතරොම් 30ක් සහිත පතරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 560ක් ද සොයා ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ හිටපු LTTE සාමාජිකයෙක් වන අදාළ සැකකරු පසුව හමුදාව විසින් පුනරුත්ථාපනය කර ඇති බවයි.
එමෙන්ම ඔහු යම් අපරාධයක් සිදු කිරීමට මෙලෙස ගිනි අවියක් සමඟ පැමිණ ඇති බවට සැක පළ කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)