colombotimes.lk
සිංහල | English

08 September 2024


ගෝඨාභය පත්කළ කොමිසමක නිර්දේශවලට එරෙහිව ගොනුකළ පෙත්සම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ කොමිසමේ නිර්දේශ හා සොයා ගැනීම් බලරහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා.

එහි තීන්දුව ප්‍රකාශය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවීස් සින්නයියා, හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.
(colombotimes.lk)