colombotimes.lk
සිංහල | English

19 May 2024

වීසා ගාස්තුව ගැන රජය ගත් විශේෂ තීරණය



විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක කිරීමට ද එහිදී තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙරටට විදේශිකයෙකු ඇතුළත්වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දරනු ඇති බව සඳහන්.
(colombotimes.lk)