අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියව බන්ධනාගාර නිලධාරීන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
විද්‍යුත් වීසා නිකුත් කිරීමට අදාළව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ආගමන හා විගමන පාලකවරයා පසුගිය සැප්තැම්බර් මස රක්ෂිත බන්ධනාගාරගත කළා.
එම පෙත්සම් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.
හර්ෂ ඉලුක්පිටියව ඒ සඳහා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)