20 January 2026

logo

එජාප - සජබ පළමු සාකච්ඡාව අද



ඉදිරි දේශපාලන කටයුතුවලදී සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකරන පළමු සාකච්ඡාව අද (20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළේ දෙපාර්ශවයේ කමිටු සාමාජිකයන් අතර එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

දෙපාර්ශවයේ යෝජනා සලකා බැලීමෙන් අනතුරුව ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)