කුකුළන්ගේ ශරීර කොටස් චීනයට අපනයනය කිරීම සඳහා මේ වන විට අවසර ලබාදී ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.
ඒ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ කුකුළන්ගේ ඔළු සහ සහ කකුල් චීනයට යැවීමට සඳහා අවසර ලබාදෙන ලෙස ව්‍යාපාරිකයන් විසින් ඉල්ලුම් කර තිබූ බවයි.
ඒ හේතුවෙන් පසුගිය චීන සංචාරයේදී ඒ සඳහා අවසර ලබා ගැනීමට සමත් වූ බවත් දැන් ව්‍යාපාරිකයන්ට එම කටයුතු සිදු කළ හැකි බව විදේශ අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)