කින්නියා, කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10.5ක මුදලක් වෙන් කර ඇති බවයි.
කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ එමඟින් ගමනාගමන සහ ව්‍යාපාර කටයුතු පහසුකම් සැලසෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළා.
එමෙන්ම පේරාදෙණිය, බදුල්ල චෙංකලඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි මුදල් මේ සඳහා යෙදෙවීමටද නියමිතයි.
මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ සෞදි සංවර්ධන අරමුදලේ අධ්යක්ෂ අබ්දුල් මොසෙන් විසින් ඊට අදාළ සංශෝධිත ගිවිසුමට අත්සන් තැබීම සිදුකර තිබෙනවා.
(colombotimes.lk)