සටන් විරාමයක් ක්‍රියාත්මක වන අතරතුර ඊශ්‍රායලය විසින් ජෙනින් ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ගුවන් ප්‍රහාරයෙන් පලස්තීනුවන් 09 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
එමෙනම් තවත් පුද්ගලයන් 35 දෙනෙක් මියගොස් තිබෙනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ පලස්තීන සන්නද්ධ කණ්ඩායම්වල බලකොටුවක් ලෙස දිගු කාලයක් තිස්සේ පවතින ජෙනින් ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම සඳහා විශාල මෙහෙයුමක් දියත් කිරීමට සිදු වූ බවයි.
මෙම ප්‍රහාරය ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ වී දින 03කට පසුව එල්ල කිරීම විශේෂත්වයක්.
(colombotimes.lk)