යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අර්ච්චුනා රාමනාදන් විසින් අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට මෝසමක් ගොනුකර තිබෙනවා.
ඒ තමන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්රියාමාර්ග ගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය සිදු කළ නියෝගයට අදාළවයි.
අනුරාධපුරය ප්රදේශයේදී පොලිස් රථවාහන නිලධාරීන්ගේ රාජකාරියට එම මන්ත්රීවරයා බාධා කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.
එහිදී මහේස්ත්රාත්වරයා නියෝග කළේ ඔහුව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් වන ඉදිරි ක්රියාමාර්ග ගැනීමට සහ එම විමර්ශනවල ප්රගතිය වාර්තා කරන ලෙසයි.
අදාළ විමර්ශන සම්බන්ධයෙන් පෙබරවාරි 3වනදා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අනුරාධපුර මහේස්ත්රාත්වරයා නියෝග කළා.
අර්ච්චුනා රාමනාදන් ගොනුකළ පෙත්සම මඟින් අදාළ නඩුව අද (22) දිනයේදීම කැඳවන ලෙස ඉල්ලා තිබෙනවා.
(colombotimes.lk)