ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පවත්වා තිබෙනවා.
ඒ පාර්ලිමේන්තුවේදීයි.
එහිදී මෙරට සංවර්ධන ප්‍රමුඛතා සඳහා ජයිකා ආයතනයේ සහය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය නිම කිරීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා කළ බවයි.
(colombotimes.lk)