colombotimes.lk
සිංහල | English

21 May 2024

ජපන් විදේශ ඇමතිනිය ශ්‍රී ලංකාවේ සංචාරයක



ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය 2024 මැයි 4 වන දින සිට 5 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.

මෙම නිල සංචාරයට ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක් වන බවයි වාර්තා වන්නේ.

එහිදී ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මුණගැසී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවකට ද ඇය එක්වීමට නියමිතව තිබෙනවා.  
(colombotimes.lk)