2025 ජුනි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්.
ඒ අනුව 2025 මැයි මාසයේදී 0.6%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 ජුනි මාසය සඳහා 0.3%ක් දක්වා පහත වැටී තිබෙනවා.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2025 මැයි මාසයේදී 5.9 %ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2025 ජුනි මාසයේදී 4.2%ක් දක්වා පහත වැටී ඇති බවයි.
මේ අතර 2025 මැයි මාසයේදී - 3.4 %ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2025 ජුනි මාසයේදී - 2.8%ක් දක්වා වැඩි වී තිබෙනවා.
(colombotimes.lk)