colombotimes.lk
සිංහල | English

08 September 2024


LTTEය තවදුරටත් තහනම් වෙයි



යුරෝපා සංගමය තුළ LTTE සංවිධානයට පනවා තිබෙන තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ ජූලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහා බවයි වාර්තා වන්නේ.

මෙම තහනම දීර්ඝ කර ඇත්තේ යුරෝපා සංගමයේ පොදු ස්ථාවරය යටතේ තහනම් පුද්ගලයන්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව යාවත්කාලීන කරමින්.

ඒ අනුව තහනම් කරන ලද පුද්ගලයන්, කණ්ඩායම් සහ ආයතන යුරෝපා සංගමයේ සාමාජික රටවල එහි අරමුදල් සහ අනෙකුත් මූල්‍ය වත්කම් රැස් කිරීමට තහනම් වන බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)