22 July 2025

logo

මෙරට පිරිමි ජනගහණය අඩුවෙයි ? - ඉදිරියේදී අර්බුද රැසක්



මෙරට පිරිමි ජනගහණය අඩුවීම හේතුවෙන් ඉදිරියේදී අර්බුද රැසක් නිර්මාණය වීමට වැඩි හැකියාවක් පවතින බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පවසනවා. 

ඔහු කියා සිටියේ 1995 වසරේදී කාන්තාවන් 100දෙනෙක්ට පිරිමි පුද්ගලයන් 100.2 ලෙස වර්තා වී තිබූ අතර එය මේ වන විට කාන්තාවන් 100දෙනෙක්ට පිරිමි පුද්ගලයින් 93.7 දක්වා අඩුවී ඇති බවයි. 

කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම, කාන්තා උපත් වැඩිවීම, තරුණ පිරිමි පුද්ගලයන් විදෙස් ගත වීම මෙම තත්ත්වයට හේතුවී ඇති බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)