colombotimes.lk
සිංහල | English

01 October 2024


රුසියානු තානාපතිවරයා ජනපති හමුවෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) පෙරවරුවේ ශ්‍රී ලංකා රුසියානු සමූහාණ්ඩුවේ තානාපති Levan S. Dzhagaryanව හමුවී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

පසුගියදා තේරීපත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක හට සිය සුභපැතුම් පිරිනැමූ අතර රුසියානු ජනාධිපති Vladimir Putinගේ පුද්ගලික පණිවිඩයක්ද එහිදී ජනාධිපති වෙත පිරිනමා තිබෙනවා.

රුසියානු ජනපති Putin සිය පණිවිඩයේ සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශවික සබඳතා වඩාත් ශක්තිමත් වන බවයි.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝකාලීන ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමුවී තිබෙනවා.

(colombotimes.lk)