PHOTOS | ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකයන් දිරිගැන්වීමට මහජන බැංකුවෙන් වැඩසටහන් මාලාවක්



ලෝක ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනයට සමගාමීව මහජන බැංකුව මාතර සහ පොළොන්නරුව ප්‍රාදේශිකයන් විසින් ⁣ව්‍යවසායකත්ව උදානය නමින්  වෙළෙඳ ප්‍රදර්ශනයන් සංවිධානය කර තිබුණා.

ඒ මාතර නූපේ පැරණි ඕලන්ද වෙළෙඳ මධ්‍යස්ථානයේදී හා පොළොන්නරුව නව වෙළෙඳ සංකිර්ණයේදීයි.
 
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට වෙළෙඳපොළක් නිර්මාණය කරදීමේ අරමුණින් මෙම වැඩසටහන් දියත් කර තිබෙනවා.

මෙම වෙළෙඳ ප්‍රදර්ශනය මහජන බැංකුවේ මාතර ප්‍රාදේශීකයේ කළමනාකාර නිල්මිණි ගුණවර්ධන, පොළොන්නරුව ප්‍රාදේශිය කළමනාකාරිනි කේ.ඒ.ඒ.එස්. පීරිස් යන මහත්මින් ඇතුළු බැංකු නිලධාරින්, රාජ්‍ය නිලධාරින් සහ ව්‍යවසායකයින් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.







(colombotimes.lk)