දයාසිරිගේ වැඩ භාර ගැනීමත් සමඟ ශ්‍රීලනිප අසල උණුසුම් වෙයි



කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ දයාසිරි ජයසේකර අද (05) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමට පැමිණීමත් සමඟ බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහුට එම පරිශ්‍රයට ඇතුළුවීමට අවසර නොලැබීම හේතුවෙන් ඉන් පිටතදී ලිපියකට අත්සන් තබමින් ඔහු ශ්‍රීලනිප මහ ලේකම් ධූරයේ වැඩ භාරගෙන තිබෙනවා.   
(colombotimes.lk)