colombotimes.lk
සිංහල | English

05 October 2024


ZIM Vs IND | ලෝක ශූරයන් විවේක ගනිද්දී භාරත දේශයට අවමන් සහගත පරාජයක්



සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 13කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 115ක් රැස් කළා.

Clive Madande නොදැවී ලකුණු 29ක් සහ Dion Myers ලකුණු 23ක් ලබා ගත්තා.

ලකුණු 116ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 102ක් පමණයි.

Shubman Gill ලකුණු 31ක් සහ Washington Sundar ලකුණු 27ක් රැස් කළා.

(colombotimes.lk)