colombotimes.lk
සිංහල | English

08 September 2024


වැඩි කළ වැටුප ලබා දෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් උද්ඝෝෂණයක



ජනාධිපතිවරයා විසින් තමන්ට ලබා දෙන බව පැවසූ රු.1700ක දෛනික වැටුප ලබා දෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් අද (24) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

තලවකැලේ, රත්නිල්ල කැලේ ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් මෙලෙස උද්ඝෝෂණයක නිරත වූ බව Colombo Times අප වාර්තාකරු ප්‍රකාශ කළා.

රු.1000ක දෛනික වැටුපක් ලබා තමන්ට ජීවත් වීමට නොහැකි බවත්, දරුවන්ගේ අධ්‍යාපන වියදම් පවා පියවා ගත නොහැකි බවත් එම පිරිස පවසනවා.

රු.1700ක දෛනික වැටුපක් ලබා දෙන බවට රජය පොරෙන්දු වූ බවත්, එම වැටුප ලබා නොදුනහොත් ඉදිරියේදි පැවැත්වීමට නියමිත මැතිවරණවලදී වතුකරයේ ජනතාවගේ බලය පෙන්වන බව වතු කම්කරුවන් කියා සිටියා.

(colombotimes.lk)