22 July 2025

logo

වසර 10ක් තුළ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ගැන හෙළිදරව්වක්



පසුගිය වසර 10 තුළ විදේශ රැකියා හරහා මෙරටට ලැබී ඇති මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 67,147ක් බව විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ප්‍රකාශ කළා. 

ඒ අද (22) පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙමින්.

එය ශ්‍රී ලංකා රුපියල්වලින් බිලියන 13,946ක් බව අමාත්‍යවරයා සඳහන් කළා. 

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේ 2015 වර්ෂයේ සිට 2025 මැයි දක්වා වසර 10ක කාලය තුළ මහ බැංකු වාර්තා උපුටා දක්වමින්.

2025 පෙබරවාරි මස 25 වන විට විදේශ රටවල සේවය කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව ආසන්න වශයෙන් 1,345,801ක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 

(colombotimes.lk)