colombotimes.lk
සිංහල | English

19 May 2024

කෘෂිකර්මාන්තයට සුහුරු තාක්ෂණය හඳුන්වා දීමට සජිත් සැරසෙයි



යල මහ කන්න දෙකට පමණක් සීමා වී ඇති ශ්‍රී ලංකවේ කෘෂිකර්මාන්තයට සුහුරු තාක්ෂණය හඳුන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඊයේ (05) අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ ඔස්සේ අතරමැදි කන්නයක් ක්‍රියාත්මක කර රජරට කෘෂි ඵලදාව ඉහළ දමන බවයි.

එමෙන්ම දේශීය නිෂ්පාදනයට පමණක් සීමා නොවී අපනයනය සඳහාද සුදුසු බෝග නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය ලබා දෙන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)