colombotimes.lk
සිංහල | English

21 May 2024

ශකීබ් අල් හසන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමිවෙයි



බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා. 

ඒ ඔහුගේ වම් මාපටැඟිල්ලේ ආබාධයක් හේතුවෙන්. 
 
ශකීබ් 2023 නොවැම්බර් 6 වන දින දිල්ලි හිදී, ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශ තරගයේදී පන්දුවට පහර දෙමින් සිටියදී මෙම ආබාධයට ලක්වුණා. 
 
තරගයෙන් පසු එක්ස් කිරණ පරීක්ෂාවකින් අස්ථි බිඳීමක් සිදුව ඇති බව තහවුරු වී ඇති අතර ඒ හේතුවෙන් නොවැම්බර් 11 වන දින පූනේහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායමේ අවසන් තරඟයෙන් ඔහු ඉවත් කර තිබෙනවා.
(colombotimes.lk)