පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරව ද පත්කර තිබෙනවා.
මෙම පත් කිරීම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙම විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටගේ සභාපතීත්වයෙන් සිව් දෙනෙක්ගෙන් යුත් කමිටුවේ සාමාජිකයන් ගණන 05 දක්වා වැඩි වී තිබෙනවා.
(colombotimes.lk)