23 April 2025


ලංකාවේ ආර්ථිකය ලෝක බැංකුවේ අවධානයට



ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් පවසනවා.
 
ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයට පත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024දී කැපී පෙනෙන ප්‍රකෘතියක් ලබා ඇති අතර පෙරදී පුරෝකථනය කළ 4.4% ක ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව 5%ක වර්ධන වේගයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන්.

මෙම වර්ධනයට කර්මාන්ත හා සේවා විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ආශ්‍රිත සේවාවන්හි ශක්තිමත් කාර්ය සාධනය හේතු වී ඇති බව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.

(colombotimes.lk)