ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ටල් 2025 අප්‍රේල් අවසානයේදී නිල වශයෙන් සිය තනතුරෙන් ඉවත්වීමට නියමිතව තිබෙනවා.
අනතුරුව ඔහු පිලිපීන ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස නව භූමිකාවක් භාර ගැනීමට සූදානම් බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වන නට්ටල් 2022 වසරේ සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා.
පිලිපීන ගුවන් සේවය නට්ටල්ගේ පත්වීම නිවේදනය කළ අතර ඔහුගේ නව භූමිකාව 2025 මැයි 29වන දින ආරම්භ වීමට නියමිතයි.