පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේ විමර්ශනවලට සහය වීමට පොලිස් විමර්ශන කණ්ඩායමක් නම් කර එවන ලෙස වැඩබලන පොලිස්පතිට දැනුම්දී තිබෙනවා.
ඒ එම කමිටුව අද (25) පාර්ලිමේන්තුවේදී දෙවන වරට රැස් වූ අවස්ථාවේදීයි.
එමෙන්ම කමිටුවට සහය වීම සඳහා නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා නම් කර තිබෙනවා.
(olombotimes.lk)