colombotimes.lk
සිංහල | English

08 September 2024


විපක්ෂයේ පහත් ක්‍රියාවක් ගැන රාජ්‍ය ඇමති ශෙහාන් කියයි



ජනාධිපතිවරයාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවට විපක්ෂය සහභාගී නොවීමට ගත් තීරණය ඉතා පහත් ක්‍රියාවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

අද (10) අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

විපක්ෂයක් සෑම විටම රජයේ මතයට එකඟ විය යුතු නැති වුවත් වග කියන විපක්ෂයක කාර්ය භාරය වන්නේ, රටක් කිසියම් අභියෝගයකට මුහුණ දෙන අවස්ථාවේදී රට බේරා ගැනීම සඳහා කටයුතු කිරීම බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)