අත්අඩංගුවට ගන්නා ලද මත්පෙති කිලෝග්‍රෑම් 5,000ක් විනාශ කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ 2018 සැප්තැම්බර් 10වනදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා ශ්‍රී ලංකා රේගුව සමඟ එක්ව සිදු කළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ගත් අදාල මත්පෙති තොගය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත පුත්තලම, පාලවිය පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවේ දහන උදුන තුළ දහනය කර අද (21) විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අංක 06 මහේස්ත්‍රාත්වරයා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්, රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු කරන බවයි.
(colombotimes.lk)