colombotimes.lk
සිංහල | English

08 September 2024


දෙමළ ජාතික සන්ධාන ජනපතිගේ ආරාධනය පිළිගනියි



විපක්ෂයේ දේශපාලන පක්ෂවලට IMF නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සිදු කළ ආරාධනය දෙමළ ජාතික සන්ධාන විසින් පිළිගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහභාගී වීමට නියමිත බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් සඳහන් කළා.

මේ සඳහා සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

සාකච්ඡාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ඉල්ලීමකට අනුව ලබා දුන්න ද ඔහුගේ සහභාගීත්වය ද මේ වන විට අවිනිශ්චිත වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)