ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ අරමුණින් දෙරට අතර සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට දෙරටේ නියෝජිතයන් එකඟතාවකට පැමිණ තිබෙනවා.
අන්‍යෝන්‍ය තීරු බදු පිළිබඳ ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ පැවති සාකච්ඡාවේදී මේ එකඟතාව ඇති කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම හැකි ඉක්මණින් කෙටි කාලයක් තුළ අදාළ ගිවිසුමට එළැඹීමටද එහිදී දෙපාර්ශ්වයම කැමැත්ත පළ කර තිබෙනවා.
(colombotimes.lk)