colombotimes.lk
සිංහල | English

08 September 2024


ජනාධිපතිවරණය විතරයි - මහ මැතිවරණයක් නෑ



2024 ඔක්තෝබර් 17 වැනිදාට පෙර නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමට සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරණය පවත්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර ජනාධිපතිවරණයට පමණක් මුදල් වෙන් කර ඇති බැවින් මේ වර්ෂය තුළදී කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයක් නොපවත්වන බව ඔහු කියා සිටියා.

ඒ අනුව පාර්ලිමේන්තුව මේ වසරේදී විසුරුවා හරින්නේ නැති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

(colombotimes.lk)