colombotimes.lk
සිංහල | English

25 September 2024


මහ මැතිවරණයට දින නියම වෙයි



අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට වන ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ අභිනව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් මස 21 දින රැස්වන බවයි.

එසේම ර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් 14 දින පැවැත්වෙන අතර නාමයෝජනා භාර ගැනීමේ කාලසීමාව ඔක්තෝබර් 04 දින සිට 11 දක්වා සිදුකරන බවද  අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

(colombotimes.lk)