colombotimes.lk
සිංහල | English

24 September 2024


ලෙබනනයේ පුද්ගලයන් 492කට දිවි අහිමි වෙයි



දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පුද්ගලන් 492 දෙනෙක් මියගොස් ඇති බවයි.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 1,645 දෙනෙක් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ වසර 20කට ආසන්න කාලයක් පැවති මෙම ගැටුම්වල මාරාන්තික දිනය ඊයේ (23) බවයි.

හිස්බුල්ලා හමුදාවට අනුව උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 200කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පුද්ගලයන් අතර ළමුන් 35දෙනෙක් සහ කාන්තාවන් 58 දෙනෙක් සිටින බවයි.