01 July 2025

logo

එජාප අලියා යළි එන ලකුණු



ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයේ ඊයේ (23) පැවති එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල හමුවේදීයි.

එහිදී රනිල් වික්‍රමසිංහ විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීම සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇතිකර ගැනීම වෙනුවෙන් සමගි ජන බලවේගය පක්ෂය ඇතුළු සියලු පක්ෂ වෙත ආරාධනා කිරීමට කටයුතු කරන ලෙස හිටපු ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)