සුරාබදු ආඥා පනත නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම සුරාබදු දෙපාර්තමේන්තුව පැහැර හැරීම හමුවේ රජයට වසරකට රුපියල් බිලියන 200කට අධික අලාභයක් සිදු වන බව ශ්‍රී ලංකා සුරාබදු බලපත්‍ර ලාභීන්ගේ සංගමය පවසනවා.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස එම සංගමය ජනාධිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම සුරාබදු නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් අයථා ලෙස උපයාගත් වත්කම් පිළිබදවද පරීක්ෂා කළ යුතු බව සුරාබදු බලපත්‍රලාභීන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.