05 June 2025


කොටස් වෙළෙඳපොළෙහි ඉතිහාසගත වෙනසක්



කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) සමත් වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ. 

මීට පෙර කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය පසුගිය පෙබරවාරි 18වනදා වාර්තා වුණා. 

එදින එම අගය සටහන් වුණේ ඒකක 17,193.80ක් ලෙසයි.

 
(colombotimes.lk)