10වන පාර්ලිමේන්තුව තුළ කලා - සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (04) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් මනුවර්න සහ රුවන් මාපලගම විසින්.
ඒ අනුව මෙම යෝජනාව පිළිබඳ සළකා බලා ඉදිරි කටයුතු කිරීම සඳහා මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)