02 July 2025

logo

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීන තානාපති හඬාවැටෙයි



එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීන තානාපති රියාද් මන්සූර් හඬාවැටී තිබෙනවා.

ඒ ගාසා යුද ගැටුම් හේතුවෙන් ජීවිත අහිමි වූ කුඩා දරුවන් පිළිබඳ සිහි කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය මාර්තු මාසයේදී ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අවසන් වීමෙන් පසුව මේ දක්වා ගාසා තීරයේ දරුවන් 1,300ක් ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රකාශ කළ අවස්ථාවේදී ඔහු එලෙස සංවේදී වූ බවයි.

(colombotimes.lk)