15 May 2025


විපක්ෂයේ සාකච්ඡාවක් ගැන පොහොට්ටුව ගත් තීරණය



ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් අද (15) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් එම සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම පක්ෂය සඳහන් කළේ එම සාකච්ඡාව සඳහා සහභාගී නොවුණද පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේදී උපරිම සහය ලබාදෙන බවයි.

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් ඊයේ (14) එකඟතාවයකට පැමිණියා.

 
(colombotimes.lk)