06 June 2025


වර්ෂාවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි මුදලක්



වර්ෂාවෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි මුදල් ලබාදෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. 

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි සඳහන් කළේ වගා හානි තක්සේරුව මේ වන විට සිදු කරන බවයි. 

ඒ සදහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති බවද ඔහු සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වගා හානි පිළිබඳ තොරතුරු 1918 අංකය අමතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට දැනුම්දීමට හැකියාව පවතින බවයි. 

(colombotimes.lk)