02 July 2025

logo

ට්‍රම්ප්ගේ තීරණයක් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම හෙළා දකියි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයක් සඳහා පැනවූ තහනම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය හෙළාදැක තිබෙනවා. 

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කළේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණය අතිශයින්ම කුරිරු හා ජාතිවාදි තීරණයක් බවයි. 

ජාතිකත්වය මත පදනම්ව පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් මෙවැනි තහනමක් පැනවීම වෛරය පැතිරවීමක් ලෙස 'හියුමන් රයිට් ෆස්ට්' සංවිධානය පෙන්වා දී තිබෙනවා. 

එම සංවිධානය පෙන්වා දෙන්නේ ජුනි මස 09වනදා සිට බලපැවැත්වෙන පරිදි ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, ඉරානය, සෝමාලියාව, සුඩානය ඇතුළු රටවල් 12ක වැසියන් සඳහා ඇමරිකාවට ඇතුලුවීම තහනම් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝගයක් නිකුත් කර ඇති අතර ආරක්ෂක හේතූන් පදනම් කරගනිමින් මෙම පියවර ගන්නා බවයි. 

(colombotimes.lk)