colombotimes.lk
සිංහල | English

08 September 2024


IMF සාකච්ඡාවට සජිත් නොඑන බවට ලිපියක්



IMF නියෝජිතයන් සමඟ හෙට (11) පැවැත්වීමට නියමිත සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී නොවන බව නිවේදනය කරනවා.

ඒ බව විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් මඟින් ලිඛිතව දන්වා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පිළිබඳ එහි නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේ පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළා.
 
විපක්ෂ නායකවරයාගේ ලේකම්වරයා විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකළ ලිපිය පහතින්,

(colombotimes.lk)