ඊශ්‍රායල අගමැතිට සජිත්ගෙන් අණක්



ඊශ්‍රායලය රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් පලස්තීන ජනතාවට එරෙහිව එල්ල කරන ප්‍රහාර තරයේ හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරන මෙම ප්‍රහාර වහා නතර කරන ලෙසට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ප්‍රකාශ කරන බව ඔහු කියා සිටියා.

එමෙන්ම මේ වසර අවසන් වන විට දෙබඩි කතා නැතුව ශ්‍රී ලංකාව පලස්තීන ජනතාව සමඟ එකට හිටගන්නා බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මඩකලපුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

(colombotimes.lk)